Headlines
Loading...
රටේ ණය එක දවසින් ගෙවන්න 2020 ජනාධිපතිවරණයට එන කෝටිපතියා

රටේ ණය එක දවසින් ගෙවන්න 2020 ජනාධිපතිවරණයට එන කෝටිපතියා





ජීවිතයට පැහැදිලි ඉලක්කයන් ඇතිනම් සාර්ථකවනු නියතය.
රටකට ද පැහැදිලි ඉලක්කයක් අත්‍යවශ්‍ය වෙයි.
දේශපාලන අරමුණු විවිධාකාර විය හැකිය.
සියල්ලෝ සිතනුයේ රට වෙනුවෙන් නම් දේශපාලන අරමුණු ද රට වෙනුවෙන් විය යුතුය.
කෙසේ වුවද දේශපාලනයේ නිරත බොහෝ පිරිසකට එල්ලවන්නේ චෝදනාය.
ජනතාව වෙනුවෙන් වූ නියෝජනය ජනතාව වෙනුවෙන්ම යොදවනවාදැයි සැක මතුවන්නේ එවිටය.
ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාප හමුවේ ජනතාවටද නිහඬව සිටීමට සිදුව ඇති සැටි..!

වත්මන වන විටද රටේ පුරවැසියෙකුට ලක්ෂ ගණනක ණය 'ර‍ට' වෙනුවෙන් දැරීමට සිදුව හමාරය.
ලෝක බැංකුව ආදී ආයතන මෙන්ම ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් කිහිපයකින් ලබාගෙන ඇති ණය අනන්තය.
රටක් ලෙස අප 'ණය උගුලක' පැටලී සිටියි.
එයින් නිදහස්වීමේ ඉසව්වක්නම් පේනතෙක් මානයෙක නැත.
සිදුවන්නේ උපදින්නට පෙරුම්පුරනා ආත්ම ගණනක් දරුවන් ට පවා එම ණය හිස මත පැටවෙන බවකි.

මේ හිසරදයෙන් යම් තරමකට අස්වැසිල්ලක් ලබා දෙන කතාවක් ගෙන හැර පාන ඔහු රොහාන් පල්ලේවත්ත.

රොහාන් පල්ලේවත්ත මහතා සාර්ථක ව්‍යවසායකයෙක්.

ඔහු පැහැදිලි ඉලක්කයක් පනවාගෙන සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැරව නවතාවයෙන් යුතුව ආත්ම විශ්වාසය ගොඩනඟා ව්‍යාපාරික ලොව ජයගත් කෝටිපතියෙකි.

2006 දී ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයා වශයෙන් ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලද රොහාන් පල්ලේවත්ත මහතා තම ව්‍යාපාරය ගොඩනැඟීමේදී විවිධ වූ බාධක හා දුෂ්කරතාවලට මූහූණදී ඒවා ජයගෙන වොල්වො,ටොයොටා, නිසාන්, හොන්ඩා, මිටිසූබිෂි, මැස්ඩා සහ ෆෝඩ් වැනි ජාත්‍යන්තර පාරිභෝගික සමූදායක් දිනා ගැනීමට සමත් මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් හිමිකරගෙන ඇත.

ලොව ජනප්‍රිය වාහන රැසක air bag sensor නිෂ්පානය කරනුයේ ද ඔහුට අයිති මෙරට සමාගමකය.
ඒ සඳහා පේටන්ට් අයිතිය ද ඔහු සතුය.

රටේ ණය බර එක දිනකින් ගෙවා දැමිය හැකි බව ඔහුගේ විශ්වාසයයි.
ඒ සඳහා ඔහු ජනපති ධුරය අපේක්ෂා කරයි.
2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඉන් ජය ලැබුවහොත් රටේ ණය එක දිනකින් ගෙවා දමන බව ඔහු පවසන්නේ ඉරිදා Apple පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින්.

0 Comments:

கருத்துரையிடுக
வாசகர்களுக்கு ஓர் அன்பான வேண்டுகோள் :

1. செய்திகள் குறித்த கருத்துக்களைப் பதிவு செய்யும்போது, எவருடைய மனதையும் புண்படுத்தாத வகையில், நாகரிகமான முறையில் உங்கள் கருத்துகள் இருக்க வேண்டும் என்று எதிர்பார்க்கிறோம்.

2. ஏற்கனவே பதிவு செய்யப்பட்ட கருத்துகளையும் விமர்சிக்கலாம். ஆனால் தனிப்பட்ட முறையில் எவரையும் விமர்சிக்காமல், கருத்துக்கள் மற்றும் செய்திகளை மட்டுமே விமர்சிக்க வேண்டுகிறோம்.

3.உங்களது மேலான கருத்துக்களையும் ஆலோசனைகளையும் எதிர்பார்கிறோம்

இந்த வலைதளம் வளாச்சிக்கு நிறை - குறைகளை
சுட்டி காட்டவும் உங்கள் வருகைக்கு நன்றி.