
All
Local News
සිංහල
ජනපති බැඳ තිබූ කාලය ඉවරයි, රටම ඉල්ලන වෙනස ඉල්ලා ජනපතිට විවෘත ලිපියක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වීමේදී එජාපය සමග පැවති ගිවිසුම වූයේ දින 100 සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමත් ඉන් අනතුරුව පවතින මහමැතිවරණයෙන් පසුව වසර 2ක කාලයක් සඳහා ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමටත් පමණි. මහමැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතරයක් නොලැබීම මත ජාතික ආණ්ඩුවක් අත්‍යාවශ්‍ය වූ බැවින් උපරිම වසර 2ක සීමාව මත එජාප මහලේකම්වරයා හා ශ්‍රීලනිප මහලේකම්වරයා අතර ගිවිසුම අත්සන් කෙරිණි. මේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලියූ විවෘත ලිපියකි.
එම වසර 2 කාල සීමාව අද (2017.08.21) දින නිමාවට පත්වන අතර ජනාධිපතිවරයා හා එජාපය අතර තිබූ සියලු කොන්දේසි මේ වන විට අවසන් වී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාට ඕනෑම තීරණයක් ගැනීමේ සදාචාරාත්මක අයිතියද අද සිට වලංගුය.
ජනවාරි 8 සිට ගතවූ කාල සීමාව තුළ දී වැදගත් දේශපාලන තීන්දු තීරණ බොහෝ ප්‍රමාණයක් ගත් බව සියලු දෙනා අවිවාදයෙන් පිළිගන්නා නමුත් පොදු මහජනතාවට මේ ආණ්ඩුව පිළිබඳ මේ වන විට ඇති පැහැදීම අවම මට්ටමක පවතින බවද බහුතරයක් විසින් පිළිගන්නා කාරණයකි. හොරුන් ඇල්ලීම ප්‍රධාන පොරොන්දුවක් වුවද අධිකරණයකින් වරදකරු වී සිරගත වූ කිසිවෙකු මෙම කාල සීමාව තුළ සොයගැනීමට ලිපිය ලියන මොහොත දක්වා අපට හැකිවූයේ නැත. මෙහිදී ප්‍රධාන වශයෙන්ම නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාට චෝදනා එල්ල විය. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය විසින් සාගල රත්නායක මහතා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වී එම චෝදනා සියල්ල විජේදාස රාජපක්ෂ මහතා වෙත මාරු කරනු ලැබීය. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් සිටි විජේදාස රාජපක්ෂ මහතා ඊට බිලිවීමට ඇත්තේ තවත් නොබෝ වේලාවක් බව අපගේ හැඟීමයි.
නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට යාමේදී එය කඩාකප්පල් කිරීම සඳහා ජනාධිපතිවරයාට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයන් දියත් කිරීමට එජාප නායකත්වය සිය සාමාජිකත්වයට උපදෙස් දුන් බව ප්‍රසිද්ධ රහසකි. ඔස්ට්‍රේලියා චෝදනාව, සංඛාත චෝදනාව ඉන් කීපයක් පමණි. එවැනි මඩ අවලාද නගමින් ජනාධිපතිවරයා දුර්වල කොට ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට එජාපය ප්‍රසිද්ධියේම කටයුතු කරමින් සිටී. රාජපක්ෂවරුන් හොරු බව නිතර දොඩවන එජාපයම නීතිය හා සාමය අමාත්‍යංශය හරහා ඔවුන් රකින්නේ අන්කිසිවක් නිසා නොව ශ්‍රීලනිපය දෙකට කැඩීම වෙනුවෙනි. ඒ මාර්ගයෙන් රාජපක්ෂවරුන්ට ශ්‍රීලනිප ඡන්දදායකයින්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ඉඩ සළසා මෛත්‍රීපාල සිරිසේන මහතාව දුර්වල කිරීම එජාපයේ පරම අපේක්ෂාව වී තිබේ.
ජනාධිපතිවරයාද මේ පිළිබඳ නොදන්නවා විය නොහැක. ජනාධිපතිවරයාගේ දේශපාලන දිවිය වසර 50කට ආසන්න වෙමින් පවතී. සිය දේශපාලන දිවියේ හොදම තීරණය ගැනීමට ජනාධිපතිවරයාට ලැබී ඇති අවසාන අවස්ථාව මෙයයි. ජනතාව ඉල්ලන වෙනස ලබාදීමට එක්වරක් ඉදිරිපත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙවැනි අවස්ථාවක්ද ලැබී ඇත. ඒ හවුල් ආණ්ඩු දේශපාලනය අවසන් කිරීමේ තීරණයයි.
ඊට අදාළව පාර්ලිමේන්තු සංයුතිය දෙස බැලීමේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ මන්ත්‍රීවරුන් 106 දෙනෙකු හා වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලා සහය පළ කරන 1 මන්ත්‍රීවරයෙකු එජාපෙට සිටී. අනුව 107කි. ශ්‍රීලනිපයට සන්ධානය යටතේ මන්ත්‍රීවරුන් 96 දෙනෙකුද වෙනත් පක්ෂයකින් තේරී පත්වූ 1 මන්ත්‍රීවරයෙකුගේ ද සහය ඇතිව සිටින ප්‍රමාණය 97කි. නමුත් එක්සත් ජාතික පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ 15කට අධික ශ්‍රීලනිප සාමාජිකයින් පිරිසක් සිටී. ඉන් රාජිත, ෆොන්සේකා, පාඨලී, පරණවිතාන ලිස්ට් එකෙන් ඉවත් කළද රතන හිමි, අර්ජුන හා විජේදාස ඇතුලු 10ක් පමණ ඕනෑම අවස්ථාවක නැවත ශ්‍රීලනිපයට එක් වීමට සැදී පැහැදී සිටී. මීට අමතරව කලකිරුණු එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ජනාධිපතිවරයා හමුවී තම සහය පළ කිරීමට එකඟත්වය ලබා දී තිබෙන බව ද ශ්‍රීලනිප ආරංචිමාර්ග ඔස්සේ තහවුරු කරගත් කරුණකි. ඒ අනුව එජාපය සහය ලබා දෙන බවට අපේක්ෂා කළ හැකි දෙමළ ජාතික සන්ධානයේ ඡන්දද හිමිවුවද 113 ලබාගැනීමට හැකියාවක් නොලැබේ. එම ගණනය කිරීම් නිශ්චිත වශයෙන්ම සකස් කළ කණ්ඩායමකට අනුව අවසාන වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කරන මන්ත්‍රීවරුන් ප්‍රමාණය 112ක් ලෙස ගණන් බලා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ 16 සමග එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරන මන්ත්‍රීවරුන් ප්‍රමාණයද 110ක් ලෙස ගණන් බලා තිබේ. නමුත් ශ්‍රීලනිපය එවැනි ගමනක් අරඹන්නේ නම් තවත් මන්ත්‍රී කණ්ඩායමක් එම ගමනට එක්වනු ඇති බව අපගේ විශ්වාසයයි. මෙම තත්වයේදී ජනතා විමුක්ති පෙරමුණට රිමෝට් එක ලැබෙන බව මේ ගණනය කිරීම් අනුව පැහැදිලි වේ. එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතාමත් වටිනා බවද අපගේ අදහසයි.
මෙම තත්වය තුළ ජනාධිපතිවරයා ගන්නා තීරණය ශක්තිමත් තීරණයක් වීම නිසැකය. ඒ අනුව බෙදී වෙන්ව යන ගමනක් වෙනුවට එක්සේසත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස ඉදිරියට යාමට ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් ඒ වටා මහා පවුරක් ගොඩ නැගෙනු ඇති බව අපගේ විශ්වාසයයි.
– ශ්‍රීලනිපය සුරකින පොදුජන රැල්ල
0 Comments:
கருத்துரையிடுக
வாசகர்களுக்கு ஓர் அன்பான வேண்டுகோள் :
1. செய்திகள் குறித்த கருத்துக்களைப் பதிவு செய்யும்போது, எவருடைய மனதையும் புண்படுத்தாத வகையில், நாகரிகமான முறையில் உங்கள் கருத்துகள் இருக்க வேண்டும் என்று எதிர்பார்க்கிறோம்.
2. ஏற்கனவே பதிவு செய்யப்பட்ட கருத்துகளையும் விமர்சிக்கலாம். ஆனால் தனிப்பட்ட முறையில் எவரையும் விமர்சிக்காமல், கருத்துக்கள் மற்றும் செய்திகளை மட்டுமே விமர்சிக்க வேண்டுகிறோம்.
3.உங்களது மேலான கருத்துக்களையும் ஆலோசனைகளையும் எதிர்பார்கிறோம்
இந்த வலைதளம் வளாச்சிக்கு நிறை - குறைகளை
சுட்டி காட்டவும் உங்கள் வருகைக்கு நன்றி.